2018 වසරේ සමෘද්ධි ප්‍රතිලාභින් සවිබල ගැන්විමේ වැඩසටහන
කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි බැංකු සංගම් 02 කි.මෙහි ප්‍රතිලාභ ලබන සමෘද්ධි පවුල් 4065 කි. ඉන් ප්‍රතිලාභින් 353 දෙනෙකු සවිබල ගැන්විමට නියමිතය.
ඒ අනුව කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය සදහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු.1310000/= කි.එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සදහා රු.475000/= ක් ද කර්මාන්ත සංවර්ධනය සදහා රු. 695000/= ක්ද අලෙවි සංවර්ධන වැඩසටහන් සදහා රු.90000/= ක්ද ව්‍යවසායකත්ව පුහුණු සදහා රු.150000/= ක මුදලක් වෙන් කර ඇත.
සමෘද්ධි ප්‍රතිලාභි පවුල් 19 ක් සදහා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර එයින් පවුල් 17 ක් සදහා තේ පැල ලබාදෙන ලද පවුල් 02 ක් සදහා මල් හා පැල වගාව සදහා හරිතාගාර සකස් කිරිමට ද්‍රව්‍ය ආධාර ලබා දිමට නියමිතය.
සමෘද්ධි ප්‍රතිලාභි පවුල් 11 ක් සදහා කර්මාන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර එයින් පවුල් 3 ක් සදහා මිරිස් මෝල් හා පිටිමෝල් ලබාදෙන අතර එක් පවුලක් සදහා ජුකි මැෂිමක් ලබා දිමට බලාපොරොත්තු වන අතර පවුල් 4 ක් සදහා වඩු මැෂින් 02 ක් ,ග්‍රයින්ඩර්,ඩ්‍රිල්, පවර් ෂෝ, චේන්සෝ ලබා දිමට නියමිතය.පවුල් 1 ක් සදහා ස්වර්ණාභරණ නිෂ්පාදන මැෂිමක් ලබාදෙන අතර කලුගල් කැඩිමේ ව්‍යාපෘතියක් සදහා ගල් විදින යන්ත්‍රයක් ලබා දිමට නියමිතය.
එසේම පවුල් 01 ක් සදහා විදුලි භාණ්ඩ අලුත් වැඩියාව හා සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වන ස්ථානයක් සදහා ප්‍රාග්ධන භාණ්ඩ ලබා දිමට නියමිතය.අලෙවි සංවර්ධන වැඩසටහන යටතේ සමෘද්ධි ප්‍රතිලාභින් 02 ක් සදහා ශබ්ද විකාශන භාණ්ඩ සපයන ප්‍රතිලාභියෙකුට මික්ස්චර් චැනල් 12 යන්ත්‍රයක් ලබාදෙන අතර අනිත් ප්‍රතිලාභියාට අධිශීතකරණයක් ලබා දිමට නියමිතය.














