කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ලෙස කටයුතු කළ ජි.එල්.ඩබ්.අචිනි ප්‍රතිභා මහත්මිය උසස්වීම් ලැබ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරි කටයුතු 2022/07/20 වන දින ආරම්භ කරන ලදි.කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු සහෘද කාර්ය මණ්ඩලයෙහි උණුසුම් සුභ පැතුම් පිරිනමමි.

ඉන්දීය ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම් ලාභී පවුල් සදහා සහල් බෙදා දෙන්න කලවාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් හැමෝම අද ගොඩක් වෙහෙසුනා. ඒ නිසා තුන් දහසකට අධික පිරිසක් සදහා සහල් ලබා දෙන්නට අපේ නිලධාරි කණ්ඩායමට අද හැකිවුණා. මාණ්ඩලික නිලධාරින් කාර්යාලයේ අනෙකුත් නිලධාරින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනා එකා මෙන් කැපවී කටයුතු කළා. පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් නොලැබුනද මේ නිලධාරින් කොට්ඨාසයේ අසරණ ජනතාව වෙනුවෙන් පැමිණ තම වගකීම් නිසි පරිදි ඉටු කළා. සහල් ගෝනී කරේ තියන් යන මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලධාරින් ද ඒ අතර වුණා. එසේම මෙම මෙහෙවරේදී බහුකාර්ය සහායකයින් විශාල දායකත්වයක් දැක්වූවා. මේ සියලු දෙනාගේ කැපවීම මත අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සලසන්නට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අපට හැකිවුණා. 
මේ මෙහෙවරට අපි විතරක් නොවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල උරදෙමින් ඉන්නෙ.

ග්‍රාම නිලධාරී කාර්යාල කලමණාකරණ තරඟයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය කලවාන සමන්පුර ග්‍රාම නිලධාරී වසම්භාර ඕ.ටී.එම්.ජී.සී.ප්‍රේමරත්න මහතා විසින් හිමිකරගන්නා ලදි.එය ස්වදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූ අවස්ථාව.

 
 
Scroll To Top