ඉඩම් අංශයෙන් ලබා දෙන සේවාවන් හා එහි විස්තර
රජයට අත්පත් කර ගත් ඉඩම් අවසතු කිරීම
අරමුණ
රජයේ අවශ්‍යතා සඳහා හා පොදු මහජන කටයුතු සඳහා විවිධ පාර්ශවයන්ගෙන් කඩිනම් ක්‍රමවේදය යටතේ අත්පත් කර ගත් ඉඩම් අතුරින් තවදුරටත් අවශ්‍ය නොවන බව හැඟීයන ඉඩම් නැවත මුල් ඉඩම් හිමියන් වෙත අවසතු කිරීම
අවශ්‍ය සුදුසුකම්
ඉඩම් තව දුරටත් රජයට අවශ්‍ය නොවන බවත් ඒ බැවින් අවසතු කිරීම කල යුතු බවටත් ඉඩම් අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රකාශය හා එයට සමගාමී 39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය, ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර තිබිය යුතුය
අවශ්‍ය ලිපි ලේඛන
- ඉඩම් තවදුරටත් රජයට අවශ්‍ය නොවන බවත්, එබැවින් අවසතු කිරීම කල යුතු බවට ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රකාශය
- 39(1) යටතේ ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රකාශය ලබා ගැනීමේ ආකෘතිය
- ඉඩම් සදහා වන්දි කිසිවක් ගෙවා නොමැති බවට සහතිකය
- එම ඉඩම් තුල රජයේ වියදමින් කිසිඳු සංවර්ධන කාර්යයක් සිදු කර නොමැති බවට සහතිකය
- ඉඩම නැවත භාර ගැනීමට කැමති බවට හිමිකරුගේ / හිමිකරුවන්ගේ සහතිකය
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම.
අරමුණ
රජයේ ඉඩමක් ගොවි පන්තිය, අඩු ආදායම්, සහ උගත් තරුණයන් හා වැඩි ආදායම්ලාභීන් වෙනුවෙන්, සංවර්ධන ආඥාපනත යටතේ බෙදා දීම හා බලපත්‍රයක් නිකුත් කිරීම
අවශ්‍ය සුදුසුකම්
- ඉඩම් සඳහා ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබීම
- ඉල්ලුම්කරුට වෙනත් ඉඩම් නොමැති වීම
- අඩු ආදායම් පන්තියේ හා ගොවි පන්තියේ උගත් තරුණයෙක් වීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉඩම් නොමැති තැනැත්තන්ගේ නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ ඉල්ලුම්පත්‍රය
- ඉඩම් කච්චේරිය සඳහා ඉල්ලුම් පත්‍රය
රජයේ ඉඩම් කෘෂිකාර්මික වාණිජ කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම.
අරමුණ
රජයේ ඉඩම් කෘෂිකාර්මික සංවර්ධන සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත හෝ ආයතන වෙත දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම
අවශ්‍ය සුදුසුකම්
- රජයේ ඉඩම් ආඥා පනතේ ඉඩම් නියේග 198 වගන්තිය යටතේ සුදුසුකම් ඇති පුද්ගලයන් හෝ ආයතන
- පුද්ගලයෙක් නම් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008.08.20 දිනැති අංක 2008/047 දරණ චක්‍රලේඛය අනුව සුදුසුකම් සම්පූර්ණ කිරීම
අවශ්‍ය ලිපිලේඛන
- ඉල්ලීමේ ලිපිය
- ඉඩමෙහි සංවර්ධන තත්ත්වය පිළිබඳ තත්ත්ව වර්තාව
- 18 වැනි පරිශිෂ්ඨය හෝ 1වැනි පරිශිෂ්ඨයේ වාර්තාව (ඉඩම් නියෝග 199.2 (ඊ)
- 17 වැනි පරිශිෂ්ඨ(ඉඩම් නියෝග 207.2 (IX) දිවුරුම් ප්‍රකාශය
- බදු ගෙවන බව දැක්වෙන දිවුරුම් ප්‍රකාශය (ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2009.07.29 දිනැති අංක 4/10/චක්‍රලේඛ/2009/5 දරණ ලිපිය අනුව)
- ඉඩම යම් ආයතනයක් / දෙපාර්තමේන්තුවට අයත් වේ නම් එම ආයතනවල එකඟතාවය
- නගර සභා බලප්රදේශයක / ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක නම් එම ආයතන සහ අදාල අනෙකුත් ආයතන වල එකඟතාවය
- ඉඩම් පිඹුරු හෝ දළ අනුරේඛනය
රජයේ ඉඩමක් නේවාසික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීම.
අරමුණ
රජයේ ඉඩමක් නේවාසික කටයුත්තක් සඳහා වැඩි ආදායම්ලාභී පුද්ගලයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
අවශ්‍ය සුදුසුකම්
- රජයේ ඉඩම් ආඥාපනතේ ඉඩම් නියෝග 197 වගන්තිය යටතේ සපුරා ඇති තැනැත්තන්
- ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008.08.20 දිනැති අංක 2008/04 දරණ චක්‍රලේඛය අනුව සුදුසුකම් සම්පූර්ණ කල තැනැත්තන්
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- ඉඩමෙහි සංවර්ධන තත්ත්වය පිළිබඳ තත්ත්ව වාර්තා
- 18 වන පරිශිෂ්ටය හෝ 19 වෙනි පරිශිෂ්ටයේ වාර්තාව(ඉඩම් නියෝග 199.2 (ඊ)
- 17 වැනි පරිශිෂ්ඨ(ඉඩම් නියෝග 207.2
- දිවුරුම් ප්‍රකාශය
- ඉඩම් යම් ආයතනයක් / ප්‍රාදේශීය සභා, නගර සභා බල ප්‍රදේශයක නම් එම ආයතන වල එකඟතාවය
- ඉඩමේ පිඹුර හෝ දළ අනු රේඛනය
දීමනා පත්‍ර ඉඩමක මුල් අයිතිය ලබා දීම.
අරමුණ
ඉඩම් සංවර්ධන ආඤා පනතේ නිකුත් කල දීමනා පත්‍රයක හිමිකරු හා කාලාත්‍රයාගේ ඇවෑමෙන් පසු ඉඩමේ ඊලඟ උරුමකරු පත් කිරීම
අවශ්‍ය සුදුසුකම්
- බලපත්‍රයේ පසු උරුමය නම් කර තිබීම
- ඉඩම් සංවර්ධන ආඥාපනතේ III උප ලේඛනයේ මුල් සුදුස්සා වීම
- එඟතාවයෙන් පත් කරන උරුමකරු වීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ මුල් පිටපත
- නව පත්තිරුව
- දීමනා පත්‍රකරුගේ හා කාලාත්‍රයාගේ මරණ සහතිකය
- ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය
- එකඟතාවයෙන් බත් කරන අයෙකු නම් උරුමකරුගේ කැමැත්ත දිවුරුම් ප්‍රකාශයක් මගින්
බලපත්‍ර ඉඩමක ජිවිත භුක්තිය නම් කිරීම.
අරමුණ
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කල බලපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය නම් කිරීම තුලින් බලපත්‍රකරුගේ නීත්‍යානුකූල ස්වාමියා හෝ භාර්යාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
අවශ්‍ය සුදුසුකම්
- නීත්‍යානුකූල විවාහක ස්වාමියා හෝ භාර්යාව විම
- මුල් බලපත්රකරු මිය ගොස් තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- බලපත්‍රයේ මුල් පිටපත
- කාලාත්‍රයාගේ විවාහ සහතිකය
- බලපත්‍රකරුගේ මරණ සහතිකය
බෞද්ධ විහරස්ථාන සඳහා නිදහස් දීමනා පත්‍ර ලබා දීම.
අරමුණ
බෞද්ධ විහාරස්ථානයක් ලෙ වැඩි දියුණු කර ඇති සහ විහාරාධිපතිවරයෙකු ලෙස පත් කර ඇති රජයේ ඉඩම් වල පිහිටි විහාරස්ථාන වල අයිතිය තහවුරු කිරීම
අවශ්‍ය සුදුසුකම්
- බෞද්ධ විහාරස්ථානයක් ලෙස වැඩිදියුණු කර තිබීම
- විහාරාධිපතිවරයෙකු පත් කර තිබීම
- ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/05 චක්‍රලේඛයේ සඳහන් සුදුසුකම්
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- 5 පරිශිෂ්ටයේ වාර්තාව
- ඉඩමේ පිඹුර සහ කැබලි විස්තර ලැයිස්තුව
- ඉඩමේ රේඛා චිත්‍රය
- ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය
දීර්ඝකාලීන බදුකරය පැවරීම/උගස් කිරීම.
අරමුණ
දීර්ඝකාලීනව බදු දී ඇති ඉඩම් කොටස වෙනත් අයෙකුට පැවරීම
අවශ්‍ය සුදුසුකම්
ඉල්ලීම් ලිපියක් ලැබීම
අවශ්‍ය ලිපි ලේඛන
- බදුකරුගේ ඉල්ලීම් ලිපිය
- පැවරුම්ලාභියාගේ ඉල්ලීම
- බදුකරයේ සහතික පිටපතක්
- පත්තිරු වාර්තා
- පැවරුම් ඔප්පු කෙටුම්පත
- පැවරුම්ලාභියා ආයතනයක් නම් (අධ්යක්ෂ මණ්ඩලයේ නාම ලේඛනය, ලියාපදිංචි කිරීමේ සහතිකය)
රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා දීම.
අරමුණ
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කල දීමනා පත්‍ර ඉඩමක හිමිකරුගේ ඇවෑමෙන් පසු ඉඩමේ අයිතිය ලබා දෙන නීත්‍යානුකූල තැනැත්තා පත් කිරීම
අවශ්‍ය සුදුසුකම්
දීමනාපත්රලාභියාගේ නීත්‍යානුකූල විවාහක භාර්යාව හෝ ස්වාමියා වීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ මුල් පිටපත
- දීමනාපත්‍රකරුගේ මරණ සහතිකය
- ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය
වාර්ෂික බදු (රක්ෂිත ඉඩම් සඳහා)
අරමුණ
රක්ෂිත ඉඩම්වල වගාකර ඇති වගාවන් සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම.
අවශ්‍ය සුදුසුකම්
රක්ෂිත ඉඩම්වල වගා කර තිබීම
අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- කුඩා ඉඩම් කැබැල්ලක් ඉල්ලන අය පිළිබඳ ග්‍රාම නිලධාරී වාර්තාව
- තක්සේරු වාර්තාව
- දළ අනු රේඛනය
- ඉඩම් කච්චේරි විරෝධතා පරීක්ෂණ වාර්තාවේ පිටපත.
- දිවුරුම් ප්‍රකාශය














