උපත් ලියාපදිංචිය හා සහතික ලබා ගැනිම
උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම.
අවශ්‍ය පෝරම බාගත කිරීම-ඉල්ලුම් පත්‍රය
| 1. උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි. |
| 2. අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ති‍්‍රක් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක. |
| 3. අයකරනු ලබන ගාස්තු, |
| I.උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00 |
| II. උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්යං වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00 |
| 3. අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න. |
| 4. සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශී ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න. |
| 5. උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න. |
| 6. උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ. |
| 7. එක් ඉල්ලුම්පත්රයකින් පිටපත් ඕනෑම සංඛ්‍යාවක් ලබාගත හැකිය(චක්‍රලේක අංක-02/2012) |
උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම
- මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
- ලබාගත හැකි පරිවර්තන
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
- අයදුම්පත්‍ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00
- ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 500.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
- ගතවන කාලය : කාර්යාල දින 03කි.
උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරීම.
| උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම01.උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක, |
| I. 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය) |
| II. 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය) |
| III. 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.) |
| IV. 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය. |
| 02. ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න. |
| 03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ, |
| I. උප්පැන්නය හිමි තැනැත්තා |
| II. පියා හෝ මව |
| III. නීත්‍යානූකුල භාරකරු |
| IV. උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු |
| 04. ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි. |
| 05. ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න. |
| 06. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීමලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ. |
| I. මව්පියන්ගේ විවාහ සහතිකය |
| II. දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය |
| III. පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය |
| IV. මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක් |
| V. විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය |
| VI. ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත් |
| VII. ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය |
| VIII. විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක් |
| IX. පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය |
ළමයෙකු දරුකමට හදා ගැනිම
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
- ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
- අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
- විවාහක පාර්ශව විසින් (ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
- දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
- එම ආඥාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
- දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- මව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
- දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.
| 1. උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න. |
| 2. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්, |
| I. පියා |
| II. මව |
| III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන් |
| IV. දරුවා භාරව සිටින පුද්ගලයන් |
| V. රෝහලේ වෛද්‍ය නිලධාරී |
| 3. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න. |
| ඉදිරිපත් කළයුතු ලියවිලි, |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව |
ග්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.
| 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්නහා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. |
| 2. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න. |
| 3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් |
| I. පියා |
| II. මව |
| III. දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන් |
| IV. දරුවා භාරව සිටින පුද්ගලයන් |
| V. රෝහලේ වෛද්‍ය නිලධාරී |
| 4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.(16 වැනි වගන්ති ප්‍රකාශ පත්‍රය) |
| ඉදිරිපත් කළයුතු ලියවිලි |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තා. |
| 5. දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ. |
පෞද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.
| 1. උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. |
| 2. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න. |
| 3. උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්, |
|
|
|
|
|
| 4. උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න. |
| 5.ඉදිරිපත් කළයුතු ලියවිලි |
| I. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය |
| II. උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව |
නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.
අවශ්‍ය පෝරම බාගත කිරීම>>> ප්‍රකාශය
| 1. උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න. |
| 2. ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ. |
| 3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. |
| 4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. |
| 5. ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක. |
| 6. දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන් |
|
|
|
|
| 7. උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත කොට්ඨාශයේ රෙජිස්ටාර්වරයා ලවා ලියාපදිංචි කරවා ගත හැක. |
| 8. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න. |
| 9. ගාස්තු |
කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම.
| 01. උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන. |
| 02. අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක. |
| 03. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය, |
| I. උනන්දුවක් දක්වන ඕනෑම අයකු |
| II. මව්පියන්ගෙන් කෙනෙකු |
| 04. ප්‍රකාශ පත්‍රයට අදාල ගෙවීම් මුදලින් කළ යුතුය. |
| I. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි. |
| 05. උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න. |
| 1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය |
| 2. විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්, |
| I. රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| II. ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| III. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| IV. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක් |
| 06. උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න. |
| I. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය, |
| II. උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය) |
| III. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලි වලින් එකක්, |
| i. රෝහල් වාර්තාව හෝ සහතික පිටපත |
| ii. ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත |
| iii. වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත |
| iv. වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත |
| IV. ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්, |
| a. සෞඛ්‍ය වර්ධන සටහන |
| b. බෞතීස්ම සහතිකය, |
| c. පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය |
| d. වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව |
| e. උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය |
| V. මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශය |
ලියාපදිංචි වත්තක් තුල දී සිදුවන උපතක් ලියාපදිංචි කිරීම.
- උපත සිදුවී දින 07ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත දැනුම් දෙන්න.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- වතු අධිකාරිවරයා විසින් අයදුම්පත සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
- දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
- අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාලයෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.
විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම.
- ශ්‍රී ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
- උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- භාරකරු
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළ යුතු ලියවිලි,
- නිවැරදිව නම් කරන ලද ප්‍රකාශය
- උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
- විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක.
ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075
විවාහ ලියාපදිංචිය සහ පිටපත් ලබා ගැනිම
විවාහ ලියාපචිංචි කිරීම (සමාන්‍ය).
|
|
|
|
|
1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර් |
| 2. සාමදාන විනිශ්චයකරුවකු | |
| 3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු | |
| 4. දේවගැතිතුමකු | |
|
|
| 1. පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. | i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම. |
| ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම. | |
| iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. | |
| iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. | |
| 2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම. | |
| 3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව. | |
| 4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව. | |
|
|
|
|
|
|
| නො. | කාරණය | ගෙවිය යුත්තේ කාටද | ගෙවනු ලබන්නේ කවුරුන්ද | මුදල (රු.) | මුදල ගෙවන ආකාරය |
| 1 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 2 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | අයදුම්කරු | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 3 | විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 4 | විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 5 | රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 6 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 7 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| --- | --- | --- | |||
| 8 | 38(1) හෝ 38(2) වගන්ති යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
| 9 | 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම | රජයට | විවාහ පාර්ශවයන් | 100.00 | මුදලින් ගෙවිය යුතුය |
| 10 | ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම | දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | විවාහ පාර්ශවයන් | 750.00 | මුදලින් ගෙවිය යුතුය |
විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
I.විවාහ සහතිකයේ අංකය, ලියාපදිංචි කළ කොට්ඨාශය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
II. විවාහ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00 - අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශය වෙත භාර දෙන්න.
- විවාහ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
විවාහ සහතිකවල පරිවර්තන පිටපත් ලබා ගැනීම.
| 1.මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත. |
| ලබාගත හැකි පරිවර්තන, |
| සිංහල - ඉංගී්රසි |
| ඉංගී්රසි - සිංහල |
| දෙමළ - ඉංගී්රසි |
| ඉංගී්රසි - දෙමළ |
| 2.ඉල්ලුම් පත්‍ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00 |
| 3.අයදුම්පත්‍ර පරිවර්තකයින් සේවය කරන කාර්යාල වලින් ලබාගත හැකිය. |
| ඉදිරිපත් කළයුතු ලියවිලි, |
| i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය |
| ii.පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක් |
| iii.තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් |
| ගතවන කාලය : කාර්යාල දින 03කි. |
දේවගැතිවරයෙකු විසින් විවාහ සිදු කිරීම.
| ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ. | |
| විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. | |
| දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය | 1. කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර් |
| 2. සාමදාන විනිශ්චයකරුවකු | |
| 3. ප්‍රසිද්ධ නොතාරිස්වරයකු | |
| 4. දේවගැතිතුමකු | |
| විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා | |
| 1. පාර්ශවකරුවන අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම. | i. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම. |
| ii. විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම. | |
| iii. පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. | |
| iv. දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම. | |
| 2. පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම. | |
| 3. ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව. | |
| 4. ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව. | |
| රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර්ගෙන් “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න. රු.750/= ක් මුදලින් ගෙවීම් කළ යුතුය. | |
| එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න |
මරණ ලියාපදිංචිය හා පිටපත් ලබා ගැනීම
මරණ සහතිකයක පිටපතක් ලබා ගැනීම
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
I.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
II.මරණ සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
III.අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය රෙජිස්ට්‍රාර් අංශයට වෙත භාර දෙන්න.
- මරණ සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
- මරණ ලියාපදිංචි වී තිබේ නම්, මරණ සහතිකයක් යවනු ලබන අතර මරණය ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
මරණ ලේඛණයක ඇතුලත් විස්තර සංශෝධනය කිරීම.
- අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ පහත සඳහන් පුද්ගලයන්ගෙන් කෙනෙකු විසිනි.
- සිද්ධිය ලියාපදිංචි කිරීම පිණිස ආරංචි සැපයු පුද්ගලයා
- කාරණය පිළිබඳව සත්‍යතාවය දන්නා විශ්වාස කටයුතු පුද්ගලයා
- මරණ ලේඛණයක ලියාපදිංචි කිරීමේ දිනය හැර අනිකුත් සියළුම තොරතුරු සංශෝධනය කළ හැකිය.
- ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 50.00 කි.
- ප්‍රකාශ පත්‍රය සමඟ ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන්න.
මහ රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.
1.මරණය ලියාපදිංචි කර ගැනීම සඳහා මරණය සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී
3.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න.
4.ඉදිරිපත් කළයුතු ලියවිලි
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
ග්‍රාමීය රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.
1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න.
ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
පෞද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම.
1.මරණයක් ලියාපදිංචි කරන්නේ මරණය සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. මරණය සිදු වූයේ
පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට මරණය ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
2.මරණය ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i.මරණය සිදුවූ වේලාවේ එහි සිටි පුද්ගලයන්
ii.මරණය සිදුවන වේලාවේ උපස්ථාන කළ පුද්ගලයා
iii.රෝහලේ වෛද්‍ය නිලධාරී
මරණය දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, මෙම වෙබ් අඩවියෙන් බාගත කරගන්න. ඉදිරිපත් කළයුතු ලියවිලි,
i.නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
ii.මරණය සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
නිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
1.මරණය සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
2.ග්‍රාම නිලධාරී විසින් මරණය පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
3.මරණය ලියාපදිංචි කරනු ලබන්නේ මරණය සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි. මරණ ප්‍රකාශය රෙජිස්ට්‍රාර් වරයාගෙන් ලබාගත හැක.
දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
i) මරණය සිදුවන අවස්ථාවේදි එහි සිටි කිට්ටුම නෑදෑයා
ii) අවසන් වරට රෝගීව සිටියදී උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
මියගිය අය පදිංචි රෙජිස්ට්‍රාර් කොට්ඨාශය තුල වාසය කරන මියගිය තැනැත්තාගේ නෑදෑයකු
එවැනි නෑදෑයකු නොමැතිවූ විට,
i)මරණය සිදුවන අවස්ථාවේ එහි සිටි පුද්ගලයෙක්
ii)මරණය සිදුවූ ගෙදර පදිංචිකරු
ඉහත සඳහන් පුද්ගලයන් නොමැතිවූ විට
මළ සිරුර වැළලීමට, ආදාහනය කිරීමට හෝ වෙනත් ආකාරයකින් ඒ පිළිබඳ අවසන් කටයුතු කරන පුද්ගලයා
මරණය සිදු වී මාස 03ක් ඇතුලතදී මරණය ලියාපදිංචි කරවා ගත හැක.
මරණය සිදු වී මාස 03කින් පසුවද මරණය ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ මරණ ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න
කල්ගත වූ මරණයක් ලියාපදිංචි කිරීම.
- අවශ්‍ය ප්‍රකාශ පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- මරණයක් සිදුවී මාස තුනක් ඇතුලත දී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි මරණයක් ලියාපදිංචි කරවා ගැනීමට පුළුවන.
- එම ප්‍රකාශය කර තිබෙන්නේ එහි සඳහන් මරණය සිදුවී අවුරුදු 25කට වැඩි නොවන කාලයක් තුලදි නම් පමණක් මරණය ලියාපදිංචි කළ හැක.
- ප්‍රකාශ පත්‍රය මරණය සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්
- මරණයක් සිදුවන අවස්ථාවේ එහි සිටි හෝ මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ඔහුට උපස්ථානය කළ කිට්ටුම නෑදෑයා
- උනන්දුවක් දක්වන වෙනත් අය
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
වැඩිදුර තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙතින් ලබා ගත හැකිය
වයස ආසන්න වශයෙන් සනාථ කිරීම සඳහා සහතිකපත් ලබා ගැනීම
1.උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
2.අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
3.රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
4.රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
i.ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
ii.පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
iii.සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
ivපොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
5.රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
6.සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
7.ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
ජාතික හැඳුනුම්පත (පෙර සැකසුම)
(අ) ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.
(ආ) වයස අවුරුදු 15 සම්පූර්ණ විය යුතුය.
අයදුම්පතක් ලබා ගැනීම(පෝරම බාගත කිරීම)
- අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරී
- වතු පදිංචිකරුවන් අදාළ වතු අධිකාරී
- පාසල් අයදුම්කරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා හෝ පරිවේණාධිපති
ඒ අනුව තමා ලබාගත් අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලිපි ලේඛන සමග අයදුම්පත ලබාගත් ඉහත සඳහන් නිලධාරින් වෙතට භාරදිය යුතු වේ.
මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන.
- සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි.1 ආකෘති පත්‍රය (සුදු පාට හෝ සුදු පාටට හුරු)
- අයදුම්කරු වයස අවු. 50 ට අඩුනම් අනිවාර්යයෙන්ම උප්පැන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන අනුමාන වයස් සහතිකය
- අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කරන අයදුම්කරුවකු සඳහා උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයෙහි සඳහන් වර්ෂයෙහි ජුලි මස පළමු දිනයයි.
- අයදුම්කරුගේ වයස අවු. 50 ට වැඩිනම් ද, උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැතිනම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන හා උපන්දිනය තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක්ඉදිරිපත් කළ යුතුය.
- පාසල් හැරයාමේ සහතිකය.
- බෞතිස්ම සහතිකය.
- අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්
- උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
- ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය (උපන්දිනය ඇතුළත්ව තිබේනම්)
- වතු හැරයාමේ සහතිකය (උපන් දිනය ඇතුළත්ව තිබේනම්)
- ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
- වතු අධිකාරී විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත
- ජන්ම පත්‍රය (හඳහන)
- විදේශයක උපත ලද්දකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපත.
- අයදුම්කරු විවාහක කාන්තාවක් වන විට ස්වාමිපුරුෂයාගේ නම ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායා පිටපත.
- 1 ⅜” X ⅞” ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5 ක්
- තම රැකියාව හැඳුනුම්පතේ සඳහන් කිරීම අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සේවා සහතිකය ද (මාස 03 ක් ඇතුළත ලබා ගත්), වෘත්තීයමය සුදුසුකම් ලත් අය එම සුදුසුකම් සනාථ කිරීමට අදාළ සහතිකය ද ඉදිරිපත් කළ යුතුය. උදා: වෛද්‍ය , ගණකාධිකාරි , නීතීඥ , ඉංජිනේරු වැනි වෘත්තීය සුදුසුකම් සඳහා උපාධි සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- ව්‍යාපාරිකයන් ඒ සඳහා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
- පූජ්‍යත්වය සනාථ කිරීම සඳහා -
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීමේ සහතිකය
- ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
- හින්දු පූජකවරුන් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් සහතිකය
කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය
විදේශ ගමන් බලපත්‍රය (පෙර සැකසුම)
|
ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු |
|
ගමන් බලපත්‍ර අයදුම්පත් අනුමත කිරීමේ නව ක්‍රියවලිය
2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල අංකිත ඡායා රූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිම අවශ්‍ය වේ.මෙම අංකිත ඡායාරූප දිවයින පුරා විසිරී ඇති අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හෝ අප ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායා රූප ශාලා වලින් ලබා ගත හැක. මෙහිදී මුද්‍රණය කරන ලද ඡායා රූප ලබා දීම අවශ්‍ය නොවේ.ඇඟිලි සලකුණු අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ශාඛා කාර්යාල වලට අයදුම්කරු පැමිණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.
වැදගත් තොරතුරු
ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය
වැඩි විස්තර සඳහා:ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක 011 532 9200 / 001 532 9175 ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?
ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැක. ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඊට ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් මෙම සේවාව ලබාගත හැකිය. ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍ර වල වලංගු කාලය අවුරුදු 03 කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැක. වැඩ කරන වේලාවල් මොනවාද? අයදුම්පත් භාර ගැනිම,
"සුහුරුපාය", බත්තරමුල්ල පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල - විශේෂිත රටවල් / 02 මහල - සියලුම රටවල්) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට අදාළ බොත්තම තද කරන්න. ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?
|














