Covid 19 ආසාදිත අයෙක් වාර්තා වීම හේතුවෙන් මේ වන විට කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අවධානම් සහගත තත්ත්වයක පවතී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය සභාව යන අයතනයන්හි නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2020/07/15 වන දින කලවාන කොරෝනා මර්දන ප්‍රාදේශීය මෙහෙයුම් කමිටුව පැවැත්වූවා. මේ සඳහා කලවාන ප්‍රාදේශීය ලේකම්තුමිය, පොලිස් ස්ථානාධිපතිතුමා, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය, ප්‍රාදේශීය සභා ලේකම්තුමිය ඇතුලු පාර්ශව සහභාගී වූ අතර නිරෝධානයට යොමු කරන ලද පුද්ගලයන් පිළිබඳව සහ කොට්ඨාශයේ මේ වන විට පවතින තත්ත්වය මත ආයතන මට්ටමින් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ජා කළා.
මේ වන විට කලවාන කොට්ඨාශයෙන් covid 19 ආසාදිත අයෙක් වාර්තා වීම නිසා එම අයගේ සමීප ආශ්‍රිතයන් 11 දෙනෙකු දියතලාව නිරෝධානය මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර එම අයගේ PCR වාර්තා ලැබීමට නියමිතය. එසේම මේ වන විට හගරංගල, වෙම්බියගොඩ සහ නගර ආශ්‍රිතව 50 ක පමණ පිරිසක් නිවාසවල සෞඛ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ ස්වයං නිරෝධානයටය ලක් කර ඇත. එසේම ආසාදිත අයගේ ආශ්‍රිතයෙන් සෙවීමේ කාර්යයේ තව දුරටත් නියැලි සිටින අතර අදාල සියලු තොරතුරු සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශය වෙත හෝ අදාල වසමේ ග්‍රාම නිලධාරී වෙත ලබා දෙන්නේ නම් ඔවුන්ගේ කටයුතුවලට එය මහත් පහසුවක් වනු ඇත.
සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න. කොරෝනා වසංගතය මර්දනය සඳහා සියලු දෙනාගේම උපරිම සහයෝගය ලබා දෙන්න.






















